CCTV භාවිතයේ වාසි හා අවාසි

CCTV, වර්තමානය වන විට ලොව සෑම සියළු දෙනාටම නැතුවම බැරි අංගයක්, ආරක්ෂණ ක්‍රමවේදයක් බවට බත්ව ඇත
රාජ්‍ය, පුද්ගලික හා සමාජ සේවා ආයතන විසින් තම ආරක්ෂණ කටයුතු වල මූලිකම අදියර ලෙස CCTV භාවිතය ප්‍රචලිතව පවතී.දැනට ලොව භාවිතයේ පවතින cctv කැමරා ප්‍රමාණය මිලියන 80කට අධික අතර ශ්‍රී ලංකාව තුල මිලියනයක පමන කැමරා ප්‍රමාණයක් භාවිතා කරයි. 

 එසේම ලොව පුරා පවතින cctvකැමරා වලින් අන්තර්ජාලය වෙත සම්බන්ධකර පවතින ප්‍රමාණය මිලියන 50කට අධිකය. 


දැනට ලොව විශාලතම cctv කැමරා නිෂ්පාදකයා ලෙස චීනය අංක 01 ස්ථානයේ පසුවන අතර යුරෝපයද විශාල ලෙස කැමරා නිෂ්පාදනය කරම්න් සිටී. 

අතීතයේ ඉතා මිල අධික ආරක්ෂන ක්‍රමවේදයක් වූ මෙම CCTV තාක්ෂණය වර්ථමානය වන විට පෙට්ටි කඩ වලටද පැමින ඇත.එයට ප්‍රධාන හේතුව නම් නිෂ්පාදනයේදී අවම මිලගණන් භාවිතා වීමත්  තරඟකාරිත්වය අධික ලෙස ඉහල යාමත් ලෙස දැක්විය හැකිය.  

අද වන විට කැමරා සවිකිරීමේ තාක්ෂණික ශිල්පීන් විශාල ලෙස බිහිවී තිබෙන අතර එය පහසු මෙන්ම සරල කාර්යයක් බවයද පත්ව ඇත. 

එසේම සරල උපකරන කීපයක් පමනක් භාවිතා කර මෙම cctv කැමරා සවිකිරීමට හැකි වීමද තවත් වීශේෂ ලක්ෂණයක් ලෙස දැක්විය හැකිය.

තවද මෙම ක්ෂේතුයේ රැකියා කරන්නන්ට ඉහල ආධායම් මාර්ගයක් ලෙස මෙම රැකියාව සිදුකල හැකි වීමත් වෘත්තීය වශයෙන් පිලිගත් රැකියාවක් වීමත් මනා නිපුනත්වයක් යටතේ මෙය සිදුකල යුතු බැවින් පුහුණුවක් සහිත අයවලුන් පමනක් මෙම කර්මාන්තය තුල නිරත වීමද අවශ්‍යතාවයක් වී ඇත.

ඔබත් හැකියාවක් පවතින්නේනම් තම පවුලේ සහ හිතවතුන්ගේ ආරක්ෂාව සඳහා cctv තාක්ෂණයභාවිතයට ගන්නේ නම් ඉතා වැදගත් බව පෙන්වා දිය හැකිය.